Categories

VISITORS

රුපියල් දහතුන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් රත‍්‍රං කැබලි 7ක් නීති විරෝධීව චෙන්නායි නගරයට රැගෙන යාමට තැත් කළ කාන්තාවකට රුපියල් හැත්තෑපන්දහසක දඩයක් නියම කර තිබෙනවා. රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ එම කාන්තාව ඇගේ අත්බෑගයේ බකල් ලෙස රඳවා රන් කැබලි හයක් සහ සිරින්ජරයක රඳවා තවත් රන් කැබැල්ලක් රටින් පිට කිරීමට තැත් කළ අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගැනුනු රත‍්‍රංවල බර ග‍්‍රෑම් 245ක් වන බවද රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

වැල්ලවාය බුදුරුවගල ප‍්‍රදේශයේ සූදු කී‍්‍රඩාවේ නිරත වූ පුද්ගලයන් විසි දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ස්ථානයේ තිබූ තිී‍්‍රරෝද රථ දෙකක් සහ යතුරු පැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. සැකකරුවන් වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගංජා පානය කරමින් සිටියදී පුද්ගලයින් තුන්දෙනෙකු බේරුවල, අලූත්ගම සහ වැලිපැන්න යන ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව ඔවුන් තුන්දෙනාම බලපිටිය මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, එහිදී ඔවුන් සිය වරද පිළිගත්තා. ඒ අනුව ඔවුන් තුන්දෙනාට එක් අයෙකුට රුපියල් 1500 බැගින් දඩ නියම කෙරුණු බවයි නෙත් නිවුස් බලපිටිය වාර්තාකරු පවසන්නේ. 


අද අලූයම 6.00න් අවසන් වූ පැය 24ක කාලයේදී බීමත්ව රිය පැදවූ 211 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මගී ප‍්‍රවාහන බස් රථවල රියැදුරන් තුන්දෙනෙකු ද ඒ අතර වන බවයි පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ. තවත් එකසිය තිස් දෙදෙනෙකු යතුරුපැදිකරුවන් වනවා. 57 දෙනෙකු ත‍්‍රීරෝද රථවල රියැදුරන්. බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා වූ මෙම විශේෂ මෙහෙයුම ආරම්භ වූයේ ඉකුත් 10 වෙනිදායි. එතැන් සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබෙන මුළු බීමත් රියැදුරන් ගණන 379 දෙනෙක්.  

Paid Advertiesment

FB

Popular Posts