රුපියල් දහතුන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් රත්‍රං කැබලි 7ක් නීති විරෝධීව චෙන්නායි නගරයට රැගෙන යාමට තැත් කළ කාන්තාවකට රුපියල් හැත්තෑපන්දහසක දඩයක් නියම කර තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ එම කාන්තාව ඇගේ අත්බෑගයේ බකල් ලෙස රඳවා රන් කැබලි හයක් සහ සිරින්ජරයක රඳවා තවත් රන් කැබැල්ලක් රටින් පිට කිරීමට තැත් කළ අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගැනුනු රත්‍රංවල බර ග්‍රෑම් 245ක් වන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.