මේ සතියේ වෙළඳපොළට නිකුත් කර ඇති රාවය පුවත්පතේ ආන්දෝලනාත්මක සිරස්තලය හේතුවෙන් ඒවා බෙදාහරින වෙළෙඳ නියෝජිතයින්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්නකර ඇතැයි වාර්තා වේ. අද (28) උදැසන කොළඹ හා තදාසන්න නගරවල ප්‍රධාන පුවත්පත් අලෙවි නියෝජිතයන්
වෙත පැමිණ තිබෙන රහස් පොලීසියේ යැයි කියා ගන්න පිරිසක් විසින් රාවය පුවත් පත් බෙදා හරින සෙසු නියෝජිතයන්ගේ විස්තර හා පුවත්පත් ප්‍රමාණය ගැන විස්තර ලබාගෙන තිබේ.
අද රාවයේ ප්‍රධාන සිරස්තලයෙන් වර්තා කර ඇත්තේ 'මෛත්‍රීට 59%, මහින්දට 41% කී බුද්ධි ලොක්කා ඉවතට'' යන්නයි. බුද්ධි අංශ විසින් නිකුත් කළ වාර්තවක් පදනම් කර ගනිමින් අදාල පුවත සකස්කර තිබේ. මේ සම්බන්ධයෙන් අප රාවය පුවත්පතේ කර්තෘ කේ.එබ්ලිව්.ජනරංජන මහතාගෙන් කළ විමසිමකදී ඒ මහතා කියා සිටියේ මුද්‍රණාලයේ ප්‍රමාදයක් හේතුවෙන් මේ සතියේ රාවය පුවත්පත වෙළෙඳ පොළට නිකුත් කරනු ලැබුවේ අද දිනයේදී බවත්, එසේ නිකුත් කළේද කොළඹ හා තදාසන්න ප්‍රදේශයන් වලට බවයි.
කෙසේවවුද එසේ බෙදාහැරුණ පුවත්පත් සම්බන්ධයෙන් කොළඹ හා තදාසන්න ප්‍ර දේශවල වෙළෙඳ නියෝජිතයින්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව ඒවා බෙදාහරින තැන් හා ප්‍රමාණයන් ගැන ප්‍රශ්න කළ බවට කාර්යාලයට දැනුම්දී ඇති බවද ඒ මහතා පැවසීය.