Categories

VISITORS

ජනාධිපති පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දීම සදහා පසුගියදා පොදු විපක්ෂයට එක් වූ රාජිත සේනාරත්න මහතා සම්බන්ධව අමාත්‍ය සරත් කුමාර ගුණරත්න අමාත්‍යවරයා පවසන්නේ ඔවුන් සියලු දෙනා විශාල කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් විදිහට
ආණ්ඩුව හැර ගිය බවයි.

පුවත් පතකට අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ “ කුමන්ත්‍රණ කරුවෝ එකතු වෙලා ඔවුන්ව ගෙල වල් ලගන්න තැනට පත් කරලා ඉවරයි , මෛත‍්‍රීපාල සිරිසේන අපේ හිටපු ලේකම්තුමා කොයි තරම් සුන්දර ශ්‍රී ල නි ප ප්‍රතිරුපයක්ද ?ඒක විනාශ කළා.

ඒ ගැන මට හරිම කණගාටුයි. රාජිත සේනාරත්න කරලා තියන හොර වැඩ සේරම මම හෙට අනිද්දා එලියට දානවා… දුමින්ද දිසානායකට මගේ පුතෙකුට වගේ ආදරේ කළා.. ඔහුට යම් යම් හිත රිදවීම් ටිකක් වුණා..

පක්ෂයේ නම පාවිච්චි කරලා කොන්ත්‍රාත් කරන සමහර ඇය නිසා නියම ශ්‍රී ල නි ප ට ආදරේ කරන ගොඩක් අයගේ හිත රිදුනා… අකීකරු පුතා ගෙදරින් තරවෙලා ගහින් යේ එනවා වගේ මම දුමින්දට ආරාධනා කරනවා නැවත එන්න කියලා…   ” යනුවෙන් ඔහු අදහස් පලකොට තිබුණා.

Minister Sarath Kumara Gunarathna talks about Rajitha senaratnes hidden work

Paid Advertiesment

FB

Popular Posts