පරලොව සැපත් දෙමාපියන්ට සහ නැගණියට පිං පිණිස අහංගම වැලිවැත්තේ පදිංචි සුනන්දා කොඩිකාර මාතාව තමා ජීවත්වන අවුරුදු සියයක් පමණ පැරණි නිවස කොග්ගල වෑදුව ආරණ්‍ය සේනාසනයට පූජාකර ඇත.
අහංගම වැලිවත්තේ පදිංචිව සිටි අප්පුසිංඤො කොඩිකාර සහ චාර්ලිනා කොඩිකාර දෙමාපියනුත්, නාලනී කොඩිකාර නැගණියටත් පිං පිණිස සුනන්දා මාතාව මෙම නිවස ත්රි්පිටක විශාරද කහගොල්ලේ සෝමවංශ හිමියන් වෙත බෞද්ධ චාරිත්රානනුකූලව අතපැන් වත්කොට සසුනට පූජාකරනු ලැබුවාය. මෙම නිවස සහිත පර්චස් සියයක් විශාල ඉඩමේ ඔප්පුවද මෙහිදී සුනන්දා මාතාව විසින් කහගොල්ලේ සෝමවංශ හිමියන්ට පිරිනමනු ලැබුවාය.
මෙහිදී අනුශාසනාවක් කළ කහගොල්ලේ සෝමවංශ හිමියෝ මෙසේ කීහ.මෙවැනි පිංකම් ඉතාමත් දුර්ලභයි.තමා ජීවත්වන නිවස සසුන වෙනුවෙන් පූජාකළ සුනන්දා මාතාවට දැනටමත් තව්තිසා දෙව්ලොව දිව්යො විමානයක් වෙන්වී හමාරයි.මෙම පිංකම් බෞද්ධ සමාජයේ සියලු දෙනාටම ඉමහත් ආදර්ශයක් යයි කීහ.
කොග්ගල වෑදුව ආරණ්‍යේ සේනාසනාධිපති බඩල්කුඹුරේ අනුරුද්ධ හිමි ඇතුලු මහා සංඝරත්නයද සුනන්දා කොඩිකාර මාතාව සමග එම පවුලේ ඥාතීන්ද ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද මෙම පිංකමට සහභාගී වූහ.

නිවසට සසුනට පූජා කරන ලද අවස්ථාව
සසුනට පූජා කළ නිවස