Categories

VISITORS

- මැදදුම්බර ප්‍රා. සභාවේ එජනිස මන්ත්‍රී කණ්ඩායම

පළාත් පාලන නියෝජිතයාට ඉහළම වටිනාකමක් ලබා දෙමින් එම නියෝජිතයන් හරහා ඉතිහාසයේ දැවැන්තම ග්‍රාමීය සංවර්ධනය රටට උදාකර දුන් ජනපතිතුමන්ගේ ජයග්‍රහණය උදෙසා දිවි හිමියන් කැපවන බව මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ එ.ජ.නි.ස. මන්ත්‍රීවරු පවසති.


එහි මන්ත්‍රීවරුන් වන අශෝක සමරකෝන්, රණසිංහ විජේකෝන් , එස්. බී. හක්මන, තුසිත ධර්මප්‍රිය බණ්ඩාර හා ඩී. ජී. කුලරත්න යන මහත්වරු මේ බැව් පවසති. පෙරේදා (4) පැවැති මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ අයවැයට මේ මන්ත්‍රීවරු සහභාගි නොවූ අතර මේ පිළිබදව අදහස් දැක්වීම සඳහා කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී හෙතෙම මේ බැව් කීය.

මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරියගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වා තමන් අයවැයට සහභාගි නොවූවත් එ.ජ.නි.ස. යේ විජයග්‍රහණය උදෙසා තමන් උපරිමයෙන් ක්‍රියා කරන බව එම මන්ත්‍රීවරු කීහ.

විපක්ෂයේ පරාජිත පිරිස් තම කණ්ඩායම විපක්ෂයට එක්වන බවට ව්‍යාජ ප්‍රචාර ගෙන යන බවත් මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් වැනි ශ්‍රේෂ්ඨතම නායකයකු සිටින පක්ෂය හැරදමා කිසිදා වෙනත් කණ්ඩායමකට තමන් එක්නොවන බවද එම මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.

Paid Advertiesment

FB

Popular Posts